ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත තීරණයක් විරුද්ධව විකල්ප යෝජනා සම්මත කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපදේශිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයක් කැඳවීමටත් සූදානම් වන බවට වාර්තා වනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුව කැඳවීම පක්‍ෂ නායකයා, පක්ෂ මහලේකම්වරයා විසින් සිදු කල යුත්තක් අතර එයට හිටපු ජනාධිපතිනියට කිසිදු බලයක් හිමි වී නැහැ. ඒ කෙසේ වෙතත් එළැඹෙන 05 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී මෙම සමුළුව කැඳවීමට සූදානම් කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ අපේක්ෂකයන් ඇතුළු විශාල පිරිසකට දැනටමත් ආරාධනා කර තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවද ඒකමතිකව යෝජනා සම්මත කර ඇත්තේ ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමටයි.