ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට එළඹෙන ජනාධිපතිවරණයේදී පුර්ණ සහය ලබා දීමට නුදුරු දිනකදීම කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජාතික සමුළුව පවත්වා අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බව ලංකා නිදහස් පක්ෂය සුරකීමේ ජාතික සංවිධානයේ වැඩබලන සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී මීරිගම ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක සංජය සිරිවර්ධන මහතා පවසනවා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පුර්ණ ආශීර්වාදය ද මේ සදහා තිබෙන බව ඔහු සඳහන් කරනවා.
පොහොට්ටුව සමගින් එකතුවූ කණ්ඩායමට දැන් ලැබෙන ප්‍රතිචාර වලින් ඔවුන්ගේ අනාගතය පැහැදිලි වන බවත් කිහිපදෙනෙකුගේ බල ලෝබය මත ශ්‍රීලනිපය පොහොට්ටුවේ ගැටගැසූ බවත් ශ්‍රීලනිප ආසන සංවිධායකයින් 90% ගේ බලවත් විරෝධය හමුවේ මධ්‍යම කාරක සභාවේ විරෝධය හමුවේ පක්ෂයේ කිහිප දෙනෙකු පක්ෂය පාවාදී ඇති බවත් ඔහු සඳහන් කරනවා.