එළඹෙන පකිස්තාන සංචාරයේදි ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ත්රස්ත තර්ජනයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එම නිසා පකිස්තාන තරග සංචාරයට පෙර එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳ ‘නැවත තක්සේරුවක්’ සිදුකිරීමට සහාය ලබා දෙන ලෙස ක්රිකට් ආයතනය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එහිදි ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතීව්ස්,දිමුත් කරුණාරත්න,දිනේෂ් චන්දිමාල්,තිසර පෙරේරා,කුසල් ජනිත් පෙරේරා,අකිල ධනංජය,සුරංග ලක්මාල්,ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල යන ක්රීඩකයින් පාකිස්තාන සංචාරයට එක්වීම සඳහා අකමැත්ත පළ කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.