වහාම ක්රියාත්මක වන පරිදි ජාතික රුපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට
Monday, September 09, 2019
ශ්‍රී ලංකාවේ රූපවාහිනී සංස්ථාවට නව සභාපතිවරයෙක් පත් කිරීමත් සමඟ එහි කලක් තිස්සේම උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබුණා.
මෙවන් උණුසුමක් පවතින මොහොතක වහාම ක්රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙන අතර ඒ සඳහා වූ ගැසට් නිවේදනයද නිකුත් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය පවතින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේය.