එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම විසින් එජාප නායකත්වයට තම තීරණය දන්වා ඇති බව වාර්තා වනවා. ඒ හෙට දින එනම් සැප්තැම්බර් 13 වැනි දිනට පළමු එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදුනහොත් වෙනම පක්‍ෂයකින් තමන් තරඟ කරන බවයි. මේ සම්බන්ධයෙන් ඉහළ දේශපාලන කවයන්හි සාකච්ඡාවක ඇතිව තිබෙනවා.
කෙසේ වෙතත් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුයේ අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවකදී තීරණය කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා තෝරා ගැනීම පක්‍ෂ ව්‍යවස්ථාව හා සම්ප්‍රදාය අනුව කෘත්‍යාධීකාරී මණ්ඩලය මගින් තීන්දු කිරීමටයි.
පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවත්වුනේ ඊයේ පස්වරු 05.30ට පමණය. ඒ අනුව මෙම තීන්දුව සජිත් පිල වෙත දැන්වීමටද තීරණය කර තිබෙනවා.