අද පෙරවරුවේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ නිල නිවසේ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකත්වය තමනට ලැබෙනු ඇති බව යි.
තමන්ට කිසිදු බල තන්හාවක් නැති බවත් තව දුරටත් තමන් අවශ්‍ය නැති බව ජනතාව පවසන්නේ නම් හෙට දිනයේ වුවද තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් බවත් ඔහු සඳහන් කළා.
මෙම මාධ්‍ය හමුව සඳහා මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රන්ජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රානි බණ්ඩාර යන ඇමතිවරුන්ද පිරිස සහභාගි වී තිබුණා.