එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපෙක්ෂකත්වය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලය අද තීරණය කළා. එම තීරණයෙන් පසුව සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් යෝජනා කර් ඇත්තේ මැතිවරණ ප්‍රචාරක රැලිවලට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහභාගිවීමෙන් වැළකී සිටිය යුතු බවයි.
එසේම සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වුවහොත් අගමැති ධුරය ඇමැති මංගල සමරවීරට ලබාදිය යුතු බවද යෝජනා කර වී තිබෙනවා.