ඊයේ (24) පස්වරුවේ දී කොළඹ පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ජනධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ අනවශ්‍ය ලෙස මෙරටට පාරිභෝගික භාණ්ඩ ගෙන්වීම පාලනය කළ යුතු බවයි .
එමගින් දේශීය කර්මාන්ත ශක්තිමත් කළ හැකි බවයි ඔහු පවසන්නේ. මොන ආකාරයකින් ලෝකය හා සම්බන්ධ වුවත් ඒ සෑම විටම දේශීය ව්‍යාපාරිකයා සහ කෘෂිකාර්මික අංශය සුරක්ෂිත කරගනිමින් එම කටයුතු සිදු කළ යුතු බවද එතුමා සඳහන් කළා.