ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය ආසන්නයටම ජල දිය ගලා විත් තිබෙන අයුරු දක්නට ලැබෙනවා.
පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය ද ජලයෙන් යට වී ඇති අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉතා ආසන්නයට ම ජල මට්ටම පැමිණ තිබෙනවා.
ආරක්ෂක අංශ විසින් වැලි කොට්ට යෙදීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
අද දිනයේ ද වැසි ඇද වැටුණොත් පාර්ලිමේන්තුවේ බිම් මහලට ජලය ගලනු ඇතැයි සේවකයන් පවසනවා.