ශ්‍රී ලනිපය ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානය විසින් යෝජනා කර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙහෙයවන මෙම සංවිධානයේ ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 18 ක් නියෝජනය කරනවා.
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දෙන්නට ශ්‍රීලනිපය තීරණය කලහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සදහා ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානය කටයුතු සූදානම් කරමින් සිටිනවා.
ඒ අනුව ශ්‍රීලනිපය විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දෙන්නට තීරණය කලහොත් කුමාර වෙල්ගම ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටද තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.