ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකයාට ලැබී ඇති බලය මත කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියෙන් ඇමති කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවට වාර්තා වනවා.
ඒ අනුව සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය අද හෝ හෙට දිනයන් ඇතුලත කබීර් හෂීම් මහතාට යොමු කරන බව එජාප ප්‍රබලයෙක් කියා සිටිනවා.
කබීර් හසීම් මහතා සෘජුව පෙනී සිටින්නේ සජිත්වාදී පිල වෙනුවෙන් වීම මෙයට හේතුව වී ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.