පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම, විනය කඩ කිරීම, විරුද්ධ පක්ෂ සමඟ එක්වීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්ව අහෝසි කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්ෂ, දුනේෂ් ගන්කන්ද, එස්. බී. නාවින්න, අශෝක ප්‍රියන්ත, ආනන්ද අලූත්ගමගේ යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය එසේ අහෝසි වනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වෙත ද දැනුම්දීමට නියමිතය. අදාළ මන්ත්රීවරුන්ව පක්ෂයෙන් නෙරපා ඇතැයි එජාප ආරංචිමාර්ග කියා සිටී