එක්සත් ජාතික පෙරමුණේ පවතින ජනාධිපති අපේක්ෂක අර්බුදය හේතුවෙන් තම පක්‍ෂ දේශපාලන වශයෙන් අසීරු තත්වයකට පත්ව සිටින බව පවසමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ප‍්‍රධාන පක්ෂ දෙකක ප්‍රධානීන් දෙදෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පොහොට්ටුවේ ප‍්‍රබලයෙකු මුණගැසී සාකච්ඡා කර තිබෙනවා.
එම පක්ෂ ප්‍රධානීන් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය ඉක්මනින්ම ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා
මෙම සාකච්චා සාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පෙරළියක් සිදුවනු ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.