ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණය ගැන සිය දේශපාලන ස්ථාවරය තීන්දු කිරීම පසුවට කල් දමා ඇති බව වාර්තා කරනවා. ඒ එක්සත් ජාතික පෙරමුණ තුළ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇති වී තිබුණ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර මණ්ඩලය තීරණය කර ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගේ ප්‍රතිපත්ති දෙස බලා තමන්ගේ අවසන් තීරණය ගැනීම සුදුසු බවයි. මේ අතර ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.