ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය ගැන අවධානය යොමු කරමින් ගෝටාභය රාජපක්‍ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර සාකච්ජාවක් ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.
ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති හා වැඩපිලිවෙල ගැනද එහිදී සාකච්ජා කිරීමට නියමිතය.