දින 7 ක කාලයක් ඇතුලත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් පවත්වා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්දැයි දින තීරණය කළ යුතු බවට එම පක්ෂය මැති ඇමතිවරුන් පිරිසක් විසින් ලිඛිත ඉල්ලීමක් කිරීමට නියමිතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන ලිපිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අද (16) දිනයේ භාර දෙනු ඇති බවයි නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පැවසුවේ.
එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම රැස්වීමේදී ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීමට වැඩි ඉඩකඩක් ඇති බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය වෙනස් කිරීම සදහා මෙමගින් යෝජනා කර නැති අතර පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ඒ සදහා වෙනම ක‍්‍රමවේදයක් ඇත. ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතාට රහස් ඡන්දයෙන් දිනා ගත අවස්ථාවක් ඇත්තේ ජනාධිපති අපේක්‍ෂකත්වය පමණි.