පෙරේදා සවස සජිත් ප්‍රේමදාස මහතා සහ රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ උත්සවයක සිටියදී ඔහුව වහාම අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා. ඒ අගමැතිවරයා විසින්. මෙම අවස්ථාවට ඇමති රාජිත සේනානායක මහතාද එක්ව තිබෙනවා.
එහිදී අගමැති විසින් ඇමැති සජිත් ප්‍රේමදාසට දැනුම් දී තිබෙන්නේ එළියේ රණ්ඩු කරන එක නවතා පක්ෂය ඇතුළේ ප්‍රශ්නය විසඳාගන්නා ලෙසයි. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නේ මැතිවරණය ගැසට් කලාට පසු නාමයෝජනා කමිටු කැඳවා එමගින් බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා. රණ්ඩු වෙලා අපේක්ෂකයා වුවද ජයගත නොහැකි බවත් එවිට එක් කොටසක් කකුලෙන් අදින බවත් එහිදී ඇමති රාජිත සඳහන් කර තිබෙනවා.
වැඩිදුර ප්‍රශ්න ඇතොත් ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ සාකච්ඡා කරන ලෙස පවසා අගමැතිවරයා සාකච්ඡාවක් අවසන් කර ඇති බව සඳහන්.