අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටිනෙන රටේ නායකයා තෝරාගැනීමේ අවස්ථාවේදී මෙරට මහා සංඝරත්නයේ හඬට ඇහුන්කම්දී තීරණ ගන්නා ලෙසයි. උන්වහන්සේ ජනතාවට අවධාරණය කරමින් පවසා සිටින්නේ මෙවරද සිංහල ජාතිය මැතිවරණයේ දී දෙකට වන බවත් සුළු ජාතීන් ඉල්ලන වරප්‍රසාද සියල්ල ලබා දෙමින් ඔවුන්ගේ පිහිටෙන් රාජ්‍ය පාලනයකට යාමට සිදුවන බවත්ය.
මා ඔය ශ්‍රී විජය සුනන්දාරාමයේ ඉදි කෙරෙන ප්‍රතිමාවකට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළා. මහා සංඝරත්නයේ හඬට සවන් දී රට වෙනුවෙන් කැප වෙන ලෙස පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ජනතාවගෙන් ඉල්ලා සිටියා.