ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර දී පැවති උත්සවයක් අමතමින් සරත් ෆොන්සේකා මහතා සිදු කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා සිටියා. එහි දී මෙරට ජාතික ආරක්ෂාව දුර්වල බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ෆොන්සේකා මහතා හමුදාපතිවරයා වශයෙන් සිටියදී එක තැන එක දිනයක් තුළ හමුදා සෙබළුන් දහස් දහස් ගණනින් මිය ගිය බවද ජනාධිපතිවරයා සිහිපත් කලා.