ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ අනුදැනුමකින් තොරව මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත අදාළ පාර්ශ්වයන්ට භාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.
මේ වනවිට මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ රාජකාරී කටයුතු සඳහා අනියුක්ත කර සිටින වෙලම්බඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ශාන්ත බණ්ඩාර වෙත මෙම ආයුධ යළි මුදා හැරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තාවීමත් සමග ඔහු විසින් එය නතර කිරීමට පියවර ගත් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.