හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කිරීමෙන් පසුව උතුරු පළාත තුළ සිය මැතිවරණ ශක්තිය වර්ධනය කර ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් පළමු වැනිදා සිට උතුරේ සිදුකරන ප‍්‍රවර්ධන කටයුතු තවදුරටත් වැඩි කරනු ඇති.
මේ වනවිට උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ශක්තිය සියයට 30 ක් දක්වා අඩු වී ඇති බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පැවසුවා. ඒ අනුවයි උතුරු නැගෙනහිරට වැඩි ශක්තියක් යොදා මෙලෙස සිය ප‍්‍රවර්ධන කටයුතු වැඩි කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත්තේ.