ඉන්දුනීසියාවේ ජාවා දූපතේ රික්ටර් මාපක 7.4 ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. භූ කම්පනයෙන් අනතුරුව ඉන්දුනීසියානු භූ භෞතික විද්‍යා ඒජන්සිය විසින් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඉන්දුනීසියාවේ ආපදා අවම කිරීමේ ඒජන්සිය පැවසුවේ බැන්ටන් වෙරළ තීරයේ පදිංචිකරුවන් වහාම ඉවත්විය යුතු බවයි.
සවස් වරුවේ ඇති වූ භූමිකම්පාව අතරතුර ජකර්තාහි ගොඩනැගිලි විනාඩියකට ආසන්න කාලයක් ගිලා බැස තිබෙනවා. රූපවාහිනී දර්ශනවල දැක්වෙන්නේ කම්කරුවන් උස් ගොඩනැඟිලි හා කාර්යාලවලින් ඉවතට දිව යන අයුරුයි. ගුවන් විදුලි හා රූපවාහිනී වාර්තා සඳහන් කළේ සුමත්‍රා දූපතේ දකුණු කොටසේ බැන්ටෙන් පළාතේ සහ ලැම්පුන්ග් පළාතේ ප්‍රබල භූමිකම්පාවක් ජනතාවට දැනුණු බවයි.
භූ කම්පනයෙන් තුවාල හෝ හානි කිසිවක් වාර්තා වී නොමැත.