වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ බඩ කලාපය සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.