ක්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණේ බංග්ලාදේශ තරගාවලියෙන් පසු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණුකාර මණ්ඩලය ඉවත් කරන ලෙසයි.
පසුව එළඹෙන නවසීලන්ත තරඟ සංචාරය තෙක් එම පුහුණුකාර මණ්ඩලය රඳවා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව කී‍්‍රඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.
කි‍්‍රකට් ප‍්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවේදී චන්දික හතුරුසිංහ මතගැටුම් ඇති වන ආකාරයේ ප‍්‍රකාශ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. චන්දික හතුරුසිංහ පිළිබඳ ගත් තීරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අද (06) නිල වශයෙන් දැනුම් දීමට නියමිතව තිබෙනවා.