රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට එන බොහොමයක් දෙනාට තිබෙන ගැටළුවක් තමයි රෝහලේ සිටින විට තමන්ට අවශ්‍ය බඩු භාහිරාදිය ගැනීමට ආර්ථික වත්කමක් නොමැතිකම. බොහෝ දෙනා මේ නිසා නොයෙක් අපහසුතාවන්ට පත් වනවා. මේ හේතූව නිසාම රෝහලට පැමිණෙන අයට අවශ්‍යවන දේවල් නොමිලේ ලබා ගැනීමට වැඩ පිළිවෙලක් මීරිගම මූලික රෝහලේ දියත් කර තිබෙනවා.
පාසල් උපකරණ, ළදරු උපකරණ ආදිය ද මේ ආකාරය මෙහි තබා තිබෙනවා. මේවා බොහෝ විට පරිත්‍යාගශීලීන්ගේ කාරුණිකත්වය මත ලැබෙන ද්‍රව්‍ය වනවා. එම ද්‍රව්‍ය අලුත් ම ඒවා නොවුණත් භාවිතා කළ හැකි මට්ටමක පවතිනවා නම් සෑහෙන බව වෛද්‍යවරිය පවසා තිබෙනවා.
ඔබටත් එවැනි පරිත්‍යාග කිරීමට හැකි නම් දායක වීමට පුළුවන්. එසේම සෑම රෝහලකම ඕනෑම වාට්ටුවක් සඳහා මෙය සුදුසුය. එසේම පාසල් සඳහා ද මෙය ප්‍රායෝගික වේ. මෙය ක්‍රියාත්මක කිරීමට උචිත ඉතා ප්‍රායෝගික වැඩපිලිවෙක.