අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව (ආසියාන්) පැවැත්වෙන තායිලන්තයේ සුළු පිපිරීම් හයක් සිදුවී ඇති බව තායිලන්ත පොලිසිය පවසනවා. ඇමෙරිකාව, චීනය ඇතුළු විදෙස් රටවල ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව අද දිනයේ තායිලන්තයේ බැංක් නගරයේ පැවැත්වෙනවා.
බැංකොක් නුවර ආසන්නයේ පිහිටි ස්ථාන දෙකකදී පළමු සහ දෙවන පිපිරුම් අද උදෑසන 9.00ට පමණ සිදුවී ඇති අතර, උතුරු ප්‍රදේශයේ අමත්‍යවරුන් රැස්වන රාජ්‍ය ආයතනයක් ආසන්නයේ තෙවන පිපිරුම වූ බව බලධාරීහු සදහන් කර සිටිනවා.