වර්තමාන යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අගෝස්තු 18 වැනිදායින් අවසන් වනවා. ඉන්පසු ඔහුට තවත් සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා විසින් මෙතෙක් තීරණය කර නැහැ.
ඒ අනුව එළැඹෙන අගෝස්තු 18 වැනිදා යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතය. ඉන් පසු මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපති ලෙස පත් වනු ඇතැයි වාර්තා වනවා.