ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නිකායන් 02 ක් වන ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අද (16) සමගි සම්මුතියකට එලඹෙනවා. බෞද්ධ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් සිදුවන මෙම ව්‍යස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය වෙනුවෙන් එහි උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් ද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් එහි මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් ද අත්සන් තැබිමට නියමිතව තිබෙනවා.
මෙම නව සමගි සම්මුතියට අත්සන් තැබීම අද දහවල් 02.30 ට කොළඹ පදනම් ආයතනයේදී සිදු වීමට නියමිතයි.