අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) ඊයේ (20) නිවේදනය කළේ පසුගිය අගෝස්තු 14 සිට 18 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය හා නවසීලන්ත නායක කේන් විලියම්සන් පෙන්නුම් කළ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවයි. ඒ අනුව අකිල සහ විලියම්සන්, එම නීත්‍යනුකූල නොවන පන්දු යැවීමේ ඉරියව් වාර්තා වූ අගෝස්තු 18 වැනිදා සිට දින 14ක් ඇතුළත අයි.සී.සී. පරීක්ෂාවන්ට භාජන විය යුතු බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසනවා.
කෙසේ වුවත් එම පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වන තෙක් එම දින 14 තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීමේ අවස්ථාව මොවුන් දෙදෙනාට හිමිවනවා.
කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් නීති පද්ධතියට අනුව යම් පන්දු යවන්නකුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යනුකූල නොවන බව තහවුරු වී වසර දෙකක් තුළ යළිත් එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් ස්වයංක්‍රියව පන්දු යවන්නාට වසරක තහනමක් හිමිවනවා. යම් හෙයකින් අකිල ධනංජයගේ පන්දු යැවීම නීත්‍යනුකූල නොවන බව යළිත් තහවුරු වුවහොත් අවසන් වරට එලෙස චෝදනා ලැබ වසර 2ක කාලයක් ගතවී නොතිබීමත් සමඟ ඔහුව ක්‍රිකට් තහනමකට ලක්වීමේ අවධානමක්ද මතුව තිබෙනවා.