පවතින අධික වැසි තත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පුර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබද සැළකිලි මත් වන ලෙස යි. පහත ලක්ෂණ පිළිබදව සැකිලිමත් වන ලෙස ජනතාවට විශේෂයෙන් දැනුම් දෙනු ලබනවා.
මෙවැනි ලක්ෂණ දිස්වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර මෙන් ද හැකි ඉක්මනින් අවදානමින් මිදීම සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම් දෙනු ලැබෙනවා.