2019 ලෝක කුසලාන තරඟාවලියෙන් ශ්‍රී ලංකා පිල ඉවත් වී අවසන්. නමුත් අපේම ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් අද 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග සඳහා අද (07) තේරී පත් වුණා. ඒ විනිසුරුවරයෙක් සහ සහ තරග තීරකයෙක් ලෙස.
ඒ අනුව කුමාර් ධර්මසේන ලබන බ්‍රහස්පතින්දා බර්මිංහැම් හිදී පැවැත්වෙන ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයේ එක් විනිසුරුවරයෙකු ලෙස නම් කර ඇති අතර එම තරඟයේ තීරකවරයා ලෙස රංජන් මඩුගල්ලේ නම් කර ඇති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කලා.