ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන්ගේ බලපෑමක් හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඉල්ලා අස්වේ

වැඩ තහනමට ලක්වූ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු යළි සේවයට ගන්නා ලෙසට ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන්ගේ බලපෑමක් හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.

ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මහතාට ඊයේ දිනයේ භාරදී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu