මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද (19) අලුයම 2 ට පමණ ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10 ක් මහවැලි ගග දෙසට නායගොස් වෙළදසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වී තිබෙනවා. මෙසේ නාය ගොස් ඇත්තේ ගිනිගත්හේන පොලිසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක්.
නායයමට ලක් වු වෙලදසැල් සහ ඊට යාබදව පිහිටි වෙළදසැල් ගණනාවක් නායයමේ අවධානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මිට ප්‍රථම හදුනාගෙන එම වෙළදසැල් හිමියන්ට ඉන් ඉවත් වෙන ලෙස අවස්ථා කිහිපයකදි දැනුම් දි තිබුණා. අතුරුදහන් වු සේවකයා සොයා යුධ හමුදාව සහ පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබෙනවා. තවදුරටත් මධ්‍යම කදුකරයට අයහපත් කාලගුණයක් පවතිනවා.
ප්‍රධාන මාර්ගය කොටසක් නායයාමේ අවධානමක් පවතින නිසා පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබෙනවා. එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙසයි ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.