අධිකරණ නියෝගය මත පසුගියදා හේමසිරි ප්‍රනාන්දු මහතා රහස් පොලීසිය වෙත පැමිණ පැය 9ක දීර්ඝ ප්‍රකාශයක් ලබාදුන්නා.
පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටින්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිවයුතු අංශ මෙන්ම එය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ වගකිවයුත්තන් ගැන සාක්ෂි සහිතව ඔහු තොරතුරු ඉදිරිපත් කර ඇති බවයි. ඔහු පළමුවරට හෙළිකල තොරතුරු වලට අනුව බුද්ධි තොරතුරු ලැබුණ ආකාරය, එම තොරතුරු නිල වශයෙන් දැන සිටි තැනැත්තන් ඒවා ගැන විධිමත් පියවර නොගෙන අතපසු කළ තැනැත්තන් කවුද යන්න පිළිබඳවද අනාවරණය වී තිබෙනවා.
එසේම ඔහු විසින් බුද්ධි අංශ තොරතුරු විදේශ බුද්ධි සේවාවන් විසින් කල්තබාම සපයා තිබියදී ඒවා තහවුරු නොකළ වාර්තා ලෙස ඉහළට දැන්වූ ප්‍රබලයන් කවුද යන්නත් , ලැබුණ බුද්ධි තොරතුරු අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදය ඔස්සේ විශ්ලේෂණය නොකර අතපසු කළ අය, තොරතුරු ලැබී දින 14ක් කල් මැරූ ප්‍රබලයන් හා “වට්ස් ඇප්” මගින් බුද්ධි තොරතුරු හුවමාරුව වැනි අනුවණ ක්‍රියා නිසා මෙම සාහසික ප්‍රහාරය සිදුකළ තැනැත්තන්ට සිය කටයුතු සඳහා දොරවල් විවෘත වූ ආකාරයද හෙළිදරව් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටිනවා.