තම පුහුණුකාර ධුරයේ කොන්ත්‍රාත් කාලය අවසන් වීම සඳහා තවත් මාස 16 පමණ ඇතැයි ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කරනවා. එම නිසා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධුරයෙන් තම කොන්ත්‍රාත් කාලය අවසානයක් වනතුරු ඉවත්වීමට අදහසක් නැතැයි ඔහු පවසා සිටිනවා. ඒ අනුව ලග 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ද ඔහුගේ කොන්ත්‍රාත්තුව වලංගු බවටත් ඔහු ප්‍රකාශ කළා.
ලෝක කුසලාන තරඟාවලියේ මුල් වටයෙන්ම ඉවත් වීමෙන් පසු ශ්‍රී ලංකාව බලා පැමිණ ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියා.