බුද්ධි අංශ ප්‍රධානීන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවීම පිළිබඳ විවිධ පාර්ශව මත පළ කර තිබුණා. මගින් බුද්ධි අංශ ප්‍රධානීන්ගේ අනන්‍යතාව හෙළිවීම ජාතික ආරක්ෂාවට ගැටළුවක් බවටයි අදහස් පළ වුණේ. එම හේතුව නිසා එළැඹෙන 24 වැනිදා බුද්ධි අංශ ප්‍රධානීන්ගේ සාක්ෂි විමසීම රහසිගතව සිදුකිරීමට පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් බුද්ධි අංශ ප්‍රධානීන්ගේ ඡායාරූපයක් හෝ ලබාගැනීමට කිසිවෙකුටත් අවස්ථාවක් ලබා නොදෙන බව නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් කියා සිටියා.