ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සහභාගී නොවී තමන්ගේ හමුදා රෙජිමේන්තුව වන ඉන්දීය සමස්ත හමුදාවේ පැරෂූට් රෙජිමේන්තුවේ සේවය කිරීමට තීරණය කලා. ඒ සඳහා ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවසරයද ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව එළඹෙන ජුලි මස 31 වෙනිදා සිට අගෝස්තු මස 15 වෙනිදා දක්වා කාල සීමාව තුල ඔහු කාශ්මීරයේ නිම්නයේ ස්ථානගත කර තිබෙන වික්ටර් රෙජිමේන්තුව යටතේ පිහිටි පැරෂුට් බලගණයට අනියුක්තව සක්‍රිය යුධ හමුදා හමුදා ක්‍රියාකාරකම් සඳහා එක්වීමට නියමිත බවයි ඉන්දීය යුධ හමුදාව නිවේදනය කරන්නේ.
ලුතිනන් කර්නල් මහේන්ද්‍ර සිං දෝනි සිය හමුදා රාජකාරි කාල සීමාවේදී දේශ සිමාවේ පාමුර සංචාරයන්, ආරක්ෂක කටයුතු වල යෙදෙනු ඇති බවට ඉන්දීය යුධ හමුදාව විසින් නිවේදනය කර තිබෙනවා.