අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන්නේ මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරිමට අමෙරිකානු ෆෙඩරල් රජය තීරණය කර ඇති බව යි. මෙසේ මරන දඬුවම ක්‍රියාත්මක වන්නේ වසර 16කට පසුවයි.
1988 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා කාල සිමාව තුලදි අමෙරිකානු ෆෙඩරල් අධිකරණය විසින් පුද්ගලයින් 78 දෙනෙකුට එරෙහිව මරණ දඩුවම පනවා ඇති අතර ඉන් පුද්ගලයින් තිදෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබෙනවා. තවත් එලෙස දඩුවම් නියම කරනු ලැබු පුද්ගලයින් 62 දෙනෙක් සිරගතව සිටින බවයි සංඛ්‍යා ලේඛණ වාර්තා පෙන්වා දෙනවා.