ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් දිවිතුර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ධම්මතිලක මහා විද්‍යාලය මේ දරුවන් කිලෝමීටර් තිහක් දුර ගෙවාගෙන ගිනි අව්වේ පා ගමනින් මහත් වෙහෙසකර ගමනක යෙදෙන්නේ ක්‍රිකට් පුහුණුවට සඳහායි. ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව දැනට පවතින එකම පාසල වන මෙහි යන ඕනෑම අයකුට මේ දරුවන් බාධක මැද ක්‍රීඩා කටයුතු සිදුකරන අයුරු මනාව පැහැදිලි වනවා.
ක්‍රීඩා පිටියක් නොමැතිව, ක්‍රීඩා උපකරණ කිසිවක් නොමැතිව සිතේ සවියෙන් ක්‍රීඩාවේ යෙදෙන තම දරුවන් ගැන මවුපියෝ පැවසූවේ මෙවන් කතාවක්.
තවත් එක් මවක් පැවසූයේ "අපි ගොවිතැන් කරන අය. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලට මුදල් යෙදුවාම ක්‍රීඩා උපකරණයක් ගන්නවත් මුදල් නැහැ. අපේ දරුවන්ගේ දක්ෂතා දැක්කාම අපට සතුට වැඩිකමට කඳුළු එනවා. කවුරු හරි කෙනෙක් අපේ දරුවන්ට අත දෙනවනම් පින් සිද්ධ වෙනවා.” යනුවෙන්.
“මම සහිතක ලත් පුහුණුකරුවෙක්. ජනප්‍රිය පාසල්වලින් ආරාධනා තිබුණත් මේ දරුවෝ ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. විශිෂ්ට පන්දු යවන්නන් පාසලේ ඉන්නවා. පුහුණු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් කිසිසේත්ම නැහැ. ප්‍රදේශයේම ක්‍රිකට් තියෙන්නේ මේ පාසලේ විතරයි. බලධාරීන්ගේ අවධානය මේ වගේ පාසල් කෙරෙහි යොමුවෙන්න ඕනේ.” එසේ පැසූයේ මෙම කණ්ඩායම් පුහුණුකරු වන එල්. හර්ෂ ප්‍රදීප් මහතායි.