වහාම ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේට ක්‍රිකට් තහනම්, සියළු ප්‍රතිපාදන අත් හි‍ටුවයි

හාම ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේ ක්‍රිකට් තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ එරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන්. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඊයේ(18) පැවති මහා සභා රැස්වීමේ දී සිම්බාබ්වේ කණ්ඩායමේ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ. ඒ අනුව සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි වේ. 

එම තීරණයත් සමග සිම්බාබ්වේ කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබා දෙන සියලු ප්‍රතිපාදන අත්හිටුවනු ඇති. එසේම යි.සී.සී. ය සංවිධානය කරන කිසිදු තරගයකට සහභාගි වීමට සිම්බාබ්වේට හැකියාවක් නොලැබෙනු ඇති. ඒ අනුව  සිම්බාබ්වේ කණ්ඩායමට මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ද සහභාගී වීමේ අවස්ථාව අහිමි වන බව සඳහන්. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu