අපේ මව් රට සුන්දර තැනක් කරන්න නිර්මාණශීලි තරුණයින් කළ අපූරු වැඩක්

පේ රටේ තරෞණ පරපුරේ ආකල්ප දැන් දැන් ගොඩක් හොඳ අතට හැරෙමින් පවතිනවා. ඒ නිසාම මේ රට ඉතාම සුන්දර රටක් විදියට දකින්න අපි හැම දෙනාටම පුළුවන් කමක් ලැබේවිද? කොහොම වෙතත් මේ කතාවත් අපේ රටේ ලස්සන ‍රැක ගන්න තරුණ පිරිසක් දරපු උත්සාහයක් ගැනයි. 

ගාල්ල ඉමදූව පැත්තේ තරුණයන් පිරිසක් ෆේස්බුක් මිතුරන් පිරිසක් එකතු කරගෙන අපූරු නිර්මාණශීලී වැඩක් කරලා තිබුණා. පාරක ගමන් කරද්දි අපිට වැඩිපුරම දකින්න ලැබෙන දෙයක් තමයි දැන්වීම්. ප්‍රසිද්ධ ස්ථානවල දැන්වීම් ඇලවීම තහනම් කියලා කොයි තරම් ගහලා තිබුණත් දැන්වීම් අලවන එකනම් අඩුවක් වෙලා නෑ. මොන තරම් නීති රීති පැනවුවත් මේ වැඩේ නතර කරන්නනම් තවම ලැබිලා නැහැ. මේ වෙනුවෙන් තරුණ පරම්පරාව දරපු උත්සායහක ලස්සන ප්‍රතිපලකයක් තමයි මේ.  

ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඉමදුව ප්‍රදේශයේ දැන්වීම් අලවා අපවිත්‍ර කර ස්ථානයක් මෙලෙස පවිත්‍ර කර එහි ඉතා අලංකාර සිතුවමක් නිර්මාණය කරමින් ඔවුන් රටටම පණිවිඩයක් ලබා දී තිබුණා. අපේ රටේ තරුණයින්ට එකමුතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ කියන එක ඔවුන් ඔප්පු කලා. ඉතා දැඩි දුෂ්කරතා යටතේ මීට අවශ්‍ය මුදල් සොයා ගනිමින් මෙම නිර්මාණය කළ තරුණ පිරිස ඉදිරියේදී තවත් ස්ථාන කිහිපයක මෙවැනි නිර්මාණ සිදුකිරීමට සැළසුම් කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඒ වගේම ඊට අවශ්‍ය තීන්ත සහ වෙනත් අමුද්‍රව්‍ය ලබා ගැනීමට ඔබගේ සහය ලබාදිය හැකිනම් එය ලොකු ශක්තියක් කියලයි ඔවුන් කියන්නේ.

පහත දුරකතන අංක ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කරගත හැකියි..මේ තරුණයෝ ගැන අපි ලෝකයටම කියමු !!!

075 – 4600716 යසිත

077 – 2056204 සසංක









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu