තවමත් හිත් වල ඉන්න හැමදාමත් හිත්වල රැඳෙන අමරණීය කටහඬක හිමිකරු එච්.ආර් ජෝතිපාලයන් ගැන කවුරුත් නොදත් ජීවිත කතාව ගැන සටහනක්.
"එච්.ආර්.ජෝතිපාල නම් අතිෂය ජනාදරයට පත් අදද නොනැසි පවතින ප්‍රේමණීය ගී ගොන්නක ගායකයා ගී කෝකිලයාගේ හිතේ ප්‍රේමයේ වැඩි ඉඩක් වෙන් කරගන්න සමත්වු කාන්තාව තමයි මැණිකේ.ජෝතිපාල ගැයූ ගී ගොන්නෙත් වැඩි ඉඩක් වෙන් වි තිබෙන්නෙත් මැණිකේ සමග තිබූ ප්‍රේම සම්බන්ධයටමය.
ඒකනායක මුදියන්සේලාගෙ කොයින් මැණිකේ කොත්මලෙ පදිංචි කාරිනියක්. විවාහක කාන්තාවක වූ මැනිකේ එච්.ආර්.ජෝතිපාලයන්ගෙ කට හඬට වශිවෙලා හිටියේ. ඒ වනවිට පිරිමි දරුවන් තුන් දෙනෙක්ගෙ මවක් වූ කොයින් මැණිකෙ දරුවන් ඉන්න කාන්තාවක් යැයි කිව නොහැකි තරමේ සුන්දර රූ සපුවකින් යුතු යොවුන් විනෝදකාමි කාන්තාවක් වූවාය.අතිතයෙ දවසක කොළඹ පැවති සංගීත සංදර්ශණයක් නරඹන්න කොයින් මැණිකේ ගොස් තිබුනේ එච්.ආර්.ජෝතිපාල හෙවත් හෑගොඩ රණසිංහ ගෙ ජෝතිපාල ගේ ගැයුම් අහන්ටමය.
එකල රසික ප්‍රජාව එච්.ආර්. ජෝතිපාලගෙ එච්.ආර්.යන මුල් අකුරු හදුන්වා ඇත්තේ හෑගොඩ රණසිංහගෙ ලෙස නොව එච් අකුරෙන් හදවත යන වචනයත් ආර් අකුරෙන් රත්තරං යන වචනයෙන් එක්කර හදවත රත්තරං ජෝති ලෙසය. හදවත රත්තරං ජොති යැයි එච්.ආර්.ජෝතිපාල රසිකයන් ජෝතී ප්‍රේමීන් හදුන්වා ඇත්තේ ලතෙත් පරිත්‍යාග ශීලී ලක්ෂණ රැසක් ජෝතිපාලගෙ ජීවිතයෙන් ඔව්හු දැක ඇති බැවින් ය.
ඒ හදවත රත්තං ජෝති දකින්න ඔහුගෙ ගී අහන්න කොයින් මැණිකේ කොළඹ ගොස් තිබුනේ තමන්ගෙ කුඩා පිරිමි දරුවන් තිදෙනාද කැටුවමය.ප්‍රසංග වේදිකා භූමියේ අතුරු සිදුරු නැතිව පිරී තිබූ එදා පිරිස අතර තෙරපී වේදිකාව සමීපයට කෙසේ හෝ පැමිණි මැණිකේ ජෝතිපාල ගී ගයන අයුරු වශී වී බලා සිට ඇත.ඒ උත්තුංග දේහදාරි පුරුෂයා දෙස ඕ බලාසිට ගී ගයා වේදිකාවෙන් බසිනවාත් සමග දුවගොස් ජෝතිපාල අසල නැවති ඇත.සුරූපි නොනැසුන යෞවනය සහිත මේ ගැහැණිය දුටු මොහොතේම එච්.ආර්.ජෝතිපාලගෙ ඇසද ඈ අසල නැවති ඇත. දෛවයේ ඒ මුන ගැස්සීම එක වහලක් යට පවුල් කන තැනටම දුර දිග යන්ට වැඩි කලක් නොවි තිබින.
මේ ප්‍රේම සම්බන්ධතාවට පැවති බාදක හෝ මේ ප්‍රේමය නිසා හටගත් බාදක ජෝති මැනිකේ යුවල තඹයකට නොසලකා තිබිණ.එවකට ජෝතිපාල විවාහවී දියණියන් තිදෙනෙකුගෙ පියෙකු වී සිටි අතර එය හො කොයින් මැණිකේ විවාහවී පිරිමි දරුවන් තිදෙනෙකුගෙ මවක්ව සිටීම යන කිසිවක් මේ පෙම් කතාවේදි ඔව්හු බාධාවක් කරගෙන නොතිබිනි.
ප්‍රේමය කවුරුන් උදෙසා කොයි මොහොතේ කොයි තත්වයක් මත ඇතිවන්නක්දැයි සක් දෙව් රජුවත් නොදන්නවාට සැක නැත.
එච්.ආර්.ජෝතිපාල තමන් පදිංචිව සිටි මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ නිවස අතැර කොයින් මැණිකේ සමග කොත්මලේ පදිංචියට ගොස් ඇත.ඉතා කෙටි කලකින් කොයින් මැණිකේද කැටුව මාලිගාවත්තද ජෝති පැමිණ තිබේ. පසුව කඩිනම් මහවැලි ව්‍යාපෘතියට කොයින් මැණිකේගෙ කොත්මලෙ ඉඩම රජය පවරා ගැනීමත් සමග ඒ වෙනුවෙන් ආනුරාධපුර තබුත්තේගමින් මහවැලි කුඹුරු ඉඩමක් කොයින් මැණිකේට හිමිව ඇත. එකල ජෝතිපාල සහ මැනිකේ එක්ව ජීවත් වූයෙන් පහසුවෙන් තබුත්තේගම මහවැලි කුඹුරු අක්කර පහක්ම වෙන්කර ලබාගැනීමට ඈ සමත්ව තිබේ.
එච්.ආර්.ජෝතිපාල උපතලබා තිබුනේ මාතර වෙරළබඬය.ඇදුම් මසන්නෙකු ලෙස ජීවිකාව ගෙවා ඇති ජෝතිපාලගෙ පියා ජෝති පුංචි කාලෙම කොළඹ පදිංචියට පැමිණ තිබේ.කොළඹ තදාසන්න නාගරික ජීවිතයක් ගෙවූ ජෝති තබුත්තේගම කුඩා බිලීබෑව ගමේ කුඹුරු අක්කර පහක් මැද කටු මැටි පැලක පදිංචියට එන්නෙ ප්‍රේමය අභියස’ පුංචි පැලත් මේ කාලේ මාලිගා රජ මාලිගා , යන සිතිවිල්ල සහිතව විය යුතුය.
දැන් හදවත රත්තරක් ජෝති තබුත්තේගම ගැමියන් අතර සිටිමින් අක්කර පහක කුඹුර මැද පදිංචි අයෙකි.ඒ වකවානුව එච්.ආර්.ජෝතිපාල ගායකයෙකු ලෙස සිනමාවේත් වේදිකාවේත් නළුවෙකු ලෙස සිනමාවේත් ජනාදරය ඉහලින්ම දිනා සිටි යුගයයි.චිත්‍රපට.නිශ්පාදනයට එක් වෙමින් නිශ්පාදකයෙකු ලෙසද සුමිතුරෝ චිත්‍රපටය නිශපාදනයකර එහි ප්‍රධාන චරිතය රගපෑ කාලයයි.තබුත්තේගම කුඩා බිලීබෑව ගමේ මැණිකේ සමඟ ජීවත් වූ කාලයෙ ඔහුගෙ කාර් එකේ පිටුපස සුමිතුරෝ චිත්‍රපටයෙ ප්‍රචාරක දැන්වීමක්ද අලවා තිබී ඇත.මැණිකේ සමඟ ගොවි ගම්මානයක ජෝති ගතකල ප්‍රේමවන්ත ජීවිතය හා මැණිකේගෙ ආදරය හේතුවෙන් ඒ අරබයා ජෝතිගෙ හඬින් ගැයුන කදිම ගී ගොන්නක්ම සිංහල ගී ප්‍රේමීන්ට ඉතිරි වී තිබේ.
ප්‍රේමකීර්තිද අල්විස්ට කියා රචනා කරවා ගෙන මැණිකේ ගැන එච්.ආර්.ජෝතිපාල ගැයූ ‘ආදරේ මැණිකේ ගෙ ආදරේ ගීතය ආරම්බ වන්නෙ සංගීත ආරම්බයට ප්‍රතම කවි ස්වරයෙන්
“රණට පැහෙන රන්වන් කෙත මැද්දෙ මේ,දුනුකෙයියා මල සේ රං මැණිකේ මගේ’ ලෙසය.
එකල ප්‍රසංග සඳහා ජෝති මැණිකේද කැටුව ගොස් ඇති බැවින් ද කලක් මැණිකෙ සමග මාලිගාවත්ත මහල් නිවාසයේද මැණිකේ ජීවත්ව ඇති බැවින් බොහො විට එකල ප්‍රේමකිර්තිද අල්විස් සියැසින් මැණිකේ දැක තිබෙන්නට ඉඩ තිබේ.ජෝති මැණිකේ ප්‍රේමය ගැන වැටහීමක් ප්‍රේමකීර්තිද අල්විස්ට තිබෙන්නට ඇත.ඔහු මැණිකේ ගැන ජෝතිට ලියා දෙන්නෙ මෙසේය.
“ ආදරේ මැණිකේගේ ආදරේ..//
සිහින මල් පිපි සැලේ
සිනිදු සේලයන් දිගේ
පා තබා කොහේද යන්නෙ
මැණිකේ මේ උදේ
අතට ගිගිරි වළලු මිනි කිකිණි නාද දේ
ඒ හඬින් සැලේවි මිහිර මහද ආදරේ
කෙතක මහිම දුටුවා නිල් ගොයම හා දිලි
වතක මහිම දුටුවා නෙත් යුවල හා වෙලී
ආදරේ ….මැණිකේ ගේ ආදරේ “
ජොතී තබුත්තේගම ජීවත්වන කාලයේ නිවසේ ඉන්නා දිනයන්හි ගමෙ තරුණයන් කවුරුත් පාහේ හැන්දෑවේ එනිවසේ පැයක් හමාරක් ගත කරන්නට අමතක කර නැත.අනුරාධපුර ඈත ගම් බිම්හි ජොති ගී රසිකයන් තම ආදරණීය හදවත රත්තරං ජෝතී දකින්න්නට නිතර මේ නිවසට පැමිණ තිබෙ.එයින් ජෝතිගෙ මේ නිවස ප්‍රකට වන්නට වැඩි කලක් ගොස් නැත.ඊටත් ජෝති ගී රාත්‍රිය ඇරඹි සමයේ ආ ගිය ගායක ගායිකා කවුරුත් මැණිකේගෙ ආගන්තුක සත්කාර විඳින්නට වෙල් ඉස්මත්තේ මැණිකේගෙ ප්‍රෙමය පිරි එම නිවසට එන්ට යන්ට අමතක කර නැත.
ජෝති මැණිකේ යුග ජීවිතය ගත වූ හැටි සහ ජෝති කෙතරම් මැණීකෙට පෙම් කලාදැයි ජෝති මැණිකේ වෙනුවෙන් ගැයූ ගී ශාක්ෂි සපයයි. ඒ ගී එදාද අදද රසික ජනයාගෙ නොමද ආදරයට ලක්ව මුව මුව රැව් දුන්නද ඒවා ජෝති විසින් මැණිකේ සම්බන්ධයෙන් ගැයූ ලෙස පුද්ගලිකව දැකීමෙදි ඇතිවන හැඟීම සපුරා වෙනස් ය.
ජෝති මැනිකේ ආදර කතාවේ නොරිස්සුම් සහ සිත් රිදීම් රැසක් තිබෙන්ට ඇත.දෙදෙනාම වෙනත් විවාහයක සිට එක් වූවෝය.ජෝතිව නිත්‍යානූකූලමව තමන් සතු කරගන්ට ඇතැම් විට මැණිකේට අදහසක් තිබෙන්නටද ඇත.ජෝතිගේ අමරණීය ගී පද මේ තැවුල් ගැන සංඥාවක් අපට ලබාදේ.
“අඬන්නෙ ඇයි සුදු මැණිකේ, කියන්න පන මාගේ,හෙලන්නෙ ඇයි කඳුලෑලි ආදර නිල්මිණි දෑසේ.
ඔයාව ජීවිතයේ මට හමුවුනු මුල් දවසේ,සිනාවෙ දෑසේ අහිංසක ආදරයයි තිබුනේ,
කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ,ප්‍රියාවි රැක ගන්නම් හද බල කොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගෙ ප්‍රේමේ,දිනන්නෙ යන යන තැන ඔබ හින්දයි මා ලොකේ.
මැණිකේ සුවඳ සුවඳ මලයි පිපි බාදක කටු අකුලේ,සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නෙ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ,සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ”
එමෙන්ම කරුණාරත්න අබේසේකරයන් ලියා පී.එල්.ඒ සෝමපාලයන් සංගීතවත් කල
“අඬන්නෙපා සුදු මැණිකේ මා ඔබ ලඟමයි ඉන්නෙ,
අඬන්නෙපා සුදු මැණිකේ නැත මා ඔබ හැර යන්නෙ” ගීතයත් විශේෂයෙන්ම ජෝති ගැයූ “එපා එන්න කියලා” ගීතයේ පද විමසා බැලීමද මැණිකේ ජෝති පෙම් කතාව හඳුනා ගන්න කදිම තැනකි.
“ එපා එන්න කියලා මොකෝ මැනිකෙ කිව්වෙ,හිනාවෙන්නෙ ආවත් හැඬෙව්වෙ ඔයානෙ.
අතේ රන් රුවන් නෑ මැණික් මාලිගා නෑ
අහංකාර කම හෝ උදාරම් හිතක් නෑ
පෙමෙ ගී ගයන මාගේ පොහොසත් කමක් නෑ
මැණිකේ වාගෙ මට ලොකේ වෙන වස්තුවක් නෑ.
මලත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්
හිතේ දුක නිවාගන්න ඕනෑ කියාලා
එදා ආවේ හැමදාම එන්නම් හිතලා
මැණිකෙ ඇයිද කීවේ එපා යැයි කියාලා
මලත් ආදරෙයි මැණිකෙ දිවුරා කියන්නම්”
එච්.ආර්.ජෝතිපාල හෙවත් මෙරට සංගීත ප්‍රේමීන්ගෙ හදවත රත්තරං ජෝතීගෙ හදවත සොරාගත් මැණිකෙ ලඟ නතරව ජීවිතය මැණිකෙ සමගම ගෙවන්නට වීමේ ආදරයෙ ප්‍රතිඵලය ලෙස ඔවුනට 1982 සැපතැම්බර් 15 වැනිදා කොළඹ සොයිසා රෝහලේදි දුවක ඉපැදින. ජෝති විසින් ඈට නම තබන ලද්දෙ මිහිරි නිසංසලා ජෝතිපාල ලෙසය.ජෝති මිහිරී දුවට අතිෂය ප්‍රේමයෙන් සිට ඇත.එදවස අත තිබූ මුදල් යොදවා මිහිරි නිසංසලා දුව වෙනුවෙන් ජෝති බැංකු ගිණුමක්ද ආරම්බ කර ඇත.ජෝති “ මගේ නිසංසලා දුවේ ,, ගීතයත් “මිහිරි මිහිරි දුවේ මිහිරි” ගීතයත් ගායනා කර ඇත්තේ මිහිරි නිසංසලා දියණිය වෙනුවෙනි.
ජෝතී සහ මැණිකේ ප්‍රේමයට මිහිර ගෙනා මිහිරිද කැටුව ඔව්හු පැමිණ ඇත්තේ තබුත්තේගම නිවසටය.ජෝතිගේ අම්මාද මෙම නිවසට සිය මිනිබිරිය බලන්නට වාර කීපයක්ම පැමිණ ඇත.එම නිවසේ ගොම මැටි ගෑ පොළොවෙ බිම පැදුරක් එලා මිහිරි එහි තබා අසලින් කැසට් ප්ලේයරය තබා ජෝතිගෙ ගී ඇසෙන්ට සලස්වා තිබේ..තම පෙම්බර මැණිකේගෙ පැරණි විවාහයෙ පුතුන් තිදෙනාටද පියෙකු වූ ජෝති ඔවුන්ගෙ අධ්‍යපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විය හියදම් දැරීම් ඉතා ඕනෑ කමින් සිදුකර තිබේ.
ජෝති මැණිකේ පෙම් කතාවේ ප්‍රතිඵලය ලෙස උපන් ජෝතිගේ ලේ උරුමක්කාරිය මිහිරි සොයා අප තඹුත්තේගම ගම් බිම්හි දවසක් පුරා ගත් වෙහෙස අවසන සාර්තක විය. ඈ තබුත්තේගම නගරාසන්නයෙ කුඩා වැවකට මායිම් ඉඩමක හැරෙන්ටවත් ඉඩ නැති දිලිඳු බවට ශාක්ෂි සපයන නිවසක අහිංසක ජීවිතයක් ගත කරන්නීය.
“මගෙ තාත්තා නැතිවෙනකොට මට අවුරුදු 5ක් 6ක් වගේනෙ.මට ලොකු මතකයක් නෑ තාත්තා ගැන.තාත්තා ගියාට පස්සෙ අම්මා හරියට මහන්සි උනා අපව හදාගන්න. අම්මා මට නිතර කියනවා තාත්තගෙ තොරතුරු විස්තර.එයාලා හමුවුන හැටි.මාව ලැබුන හැටි.මට තාත්තා ආදරය කරපු හැටි.අනේ එයා හිටියනම්.දැනට මාස 4ක් වඒ ඉස්සරලා අම්මාත් මියගියා මේ මාස 7 ඉරිදට තාත්තා මිය ගිහිල්ලත් අවුරුදු 32ක පිරෙනවා,,
ජෝතිගේත් මැණිකේත් පෙම් කතාව පමණක් නොව ජීවිත කාලයද නිමාව ගොස් ඇත.ජෝතී මිය ගියදා තබුත්තේගම සිට තනිව ජෝතිගෙ දේහය දකින්නට කොළඹට ගොස් ඇති මැණිකේට සෙනඟ පෝලිමේ සිට තප්පර කීපයක් දේහය දකින්නට පමණක් අවස්තාව ලැබී ඇත.ජෝතී ගී ප්‍රේමීන් කිසිවෙක් නොදැන හුදකලාව ජෝතිගෙ පෙම්බරිය මැණිකේ ද මෙලොවින් නික්ම ගොස් ය.
“තාත්තා අම්මා වෙනුවෙන් ගැයූ අම්මා කැමතිම සිංදුව අජන්තා රණසිංහ මහත්තය ලියපු ‘නින්ද නේන රාත්‍රියේ.තාත්තා අම්මාට මැණිකේ කියනව වගේම කාන්ති කියලත් කතා කලා.
සිය පියාගෙන් මතු මිහිරි ගත කරන්නෙ මිහිරි ජීවිතයක් නම් නොවේ.බොහෝ දුශ්කරතා සහිතව වැඩුනු ඇය පියාගෙ ගී මතින් ලක්ෂ ගණනින් මුදල් උපයන දහස් ගණනක් රට පුරා සිටියදි සාමන්‍යපෙළ විභාගයෙන් පසු ආර්තික දුශ්කරතා හේතුවෙන් පාසැල් ගමන ඇතැර දමා තබුත්තේගම ගාමට් එකක අඩු කුලියට මහන්නට ගියාය. ඔව් හදවත රත්තරන් ජෝතිගෙ මිහිරි නිසංසලා දියණිය ගාමන්ට් ගියාය.ප්‍රේම සම්බන්ධතාවයක් මත වයස 17දි යුග දිවියට පත් පාසැල් ගමන නිමා කල පුතෙකුගේත් පාසැල් යන දියණියකගේත් මවකි.ඇගෙ ස්වාමියා හෙවත් ජෝතිගෙ බෑනා අනතුරකින් ආබාධයට ලක්ව තබුත්තේගම නගරයෙ ත්‍රීරෝද රත රියැදුරු රැකියාවක් කර දරුපවුල නඩත්තු කරමින් සිටී.
ජීවිතය පුදුමාකාරය. අප මිහිරිගෙ නිවසින් නික්ම ආපසු එන ගමනෙ ජෝතී මැණිකේ පෙම් කතාව ආවර්ජනය කරමින් සිටියදි රතයෙ රේඩියෝවෙ ජෝතිගෙ ගීතයක් විකාශය වේ.මතකයෙ ලෙසට නම් ඒ ශාන්ති චිත්‍ර පටයෙ ගීතයකි.
“මී විත පිරි
තොල් පෙති අතරෙ රඳවනා
සීතලේ මේ රැයේ
පාළුව සුන් උනා
කෙසේ නමුත් අවසානය බොරුවකි
හමාර වී යන දේ…මේ නැටුම් මේ ගැයුම්
එක දවසක අවසන් වෙනවා කවදා හෝ කවදා හෝ මේ නැටුම් මේ ගැයුම් “
ජයන්‍ත සුබසිංහ