නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත් වූ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟයට යොදා ගන්නා පන්දුව ක්‍රීඩා පිටියට ආවේ වෙනස්ම ආකාරයකට. එය ලෝඩ්ස් ක්‍රීඩාංගනයට ආ ආකාරය සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය වඩාත් යොමු වුණා.
" Red Devils" බලගණයේ නිලධාරීන් පිරිසක් ලන්ඩනයට ඉහළ අහසේදී අවසන් තරගයට යොදා ගන්නා පන්දුවද රැගෙන පැරෂුට් ආධාරයෙන් ලෝර්ඩ් ක්‍රීඩා පිටියට පැමිණෙන විට රැස්ව සිටි ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.