දකුණු පළාතේ රාජ්‍ය ආයතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලිපියක් හුමාරුවෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරමින් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කර සිටියේ දකුණු පළාත තුල ආරක්ෂාව යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් තහවුරු කර ඇති බැවින් කිසිදු බියකින් තොරව ජනතාවට සන්සුන්ව සිටින ලෙස යි.