ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් තහනමක් පනවන ලෙස ඉල්ලමින් ඊයේ (15) ක්‍රිකට් තරඟය ආරම්භ කිරීමට පෙර කොටි හිතවාදීන් පිරිසක් උද්ඝෝෂනයක නිරත වුණා. ඒ ඕවල් ක්‍රීඩාංගනය ඉදිරිපිට.
මෙයට කදිම ප්‍රතිචාරයක් ලබා දී තිබුණේ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත මෙල්බර්න් පපරේ වාදක කණ්ඩායමයි. එම පපරේ වාදක කණ්ඩායම විරෝධතාව යටපත් වන අයුරින් සංගීතය වාදනය කළා.