කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි. ඒ නිසා එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 යි දශම 5 ක් හෝ මීටර් 3 ක් දක්වා අද රාත්‍රී 7 වන තෙක් මෙලෙස ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
මෙසේ රල ඉහළයාම හෙතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නාවික ප්‍රජාව මෙන්ම වෙරළබඩ ජනතාව මේ පිළිබදව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ.