එළැඹෙන සඳුදා සිට දකුණු පළාත් සභාව යටතේ පාලනය වන පාසල් පස්වරු 2.30 දක්වා ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දන්වා තිබේ. පළාත් ආණ්ඩුකාර කාර්යාලය දුරකතන ඇමතුමක් මගින් මෙම දැනුම්දීම සිදුකළ ඇතත් ඒ සඳහා හේතු දන්වා නොමැත.
මෙම නියෝගය දකුණු පළාතේ ක්‍රියාත්මක ජාතික පාසල්වලට අදාළ නොවන බවද සඳහන්. එම ජාතික පාසැල් සුපුරුදු පරිදි පස්වරු 1.30ට අවසන් වනු ඇති.
ඒ අනුව බෝහෝ පිරිසක් මේ හේතුවෙන් ගැටලුවකට පත්ව ඇති බව දකුණු පළාත් ගුරුවරු, පාසල් බස් රථ රියදුරන් ඇතුළු බොහෝ දෙනෙකු සඳහන් කරනවා.