ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පක්‍ෂ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ සඳහන් කර ඇත්තේ එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා පක්ෂ සම්මේලනය පවත්වන බව යි.
අද උදෑසන පැවති ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් අමතමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව පවසා තිබෙනවා.
අද උදෑසන පැවති ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් අමතමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව පවසා තිබෙනවා.
ඊට පසු දින සියලුදෙනාම අනුරාධපුරයට ගොස් ජයශ‍්‍රී මහා බෝධිය වැඳපුදාගෙන ඉන් පසු දළදා මාළිගාවටත් පසුදින කතරගම සහ කිරි වෙහෙර වැදපුදා ගැනීමට නියමිත බවත් රාජපක්‍ෂ මහතා හෙලි කර තිබෙනවා. පසුව කොළඹට පැමිණ අගරදගුරු කාදිනල් හිමියන් බැහැදැකීමටයි සැලසුම් කර ඇත්තේ.
තව ද නව ජනාධිපති අපේක්‍ෂකයා සමඟින් ඉරිදා දිනයේ සිට සිකුරාදා දක්වා රට වටේ චාරිකාවක් පක්ෂය විසින් සංවිධානය කර තිබෙනවා.