පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය එක්ව සිදුකළ වැටලීමකදී සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී මුහම්මදු නිසාර් ඉම්රාන් නමැතෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
26 හැවිරිදි මුහම්මදු නිසාර් ඉම්රාන් නමැති මෙම සැකකරු යුධ හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් ප්‍රදේශවාසීන් මුලාකර විවිධ නම් වලින් පෙනී සිට අන්තවාදී ක්‍රියාවල නිරතව සිට ඇති බවයි වාර්තා වන්නේ. මොහු සතුව තිබී ජංගම දුරකථනයක්, කැමරා, ඩ්‍රෝන යානාවක්, යුද හමුදාව භාවිත කරන ටීෂර්ට් 3 ක්, ලැප්ටොප් යන්ත්‍ර 2 ක් සහ කඩුවක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි