සියළුම ආගම් එක් අමාත්‍යාංශයක් යටතට ගැනීම සඳහා ඉතා හොඳින් සිතා බැලිය යුතු බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.
ඒ පිළිබඳ රජය තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ පිළිබඳ අදහසක් යොමු වී ඇති බවත් නමුත් ඒ පිළිබඳ මේ වන තෙක් කිසිදු තීරණයට එළඹී නැති බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටිනවා.